විදේශිකයන් තිස් දෙනෙකු හා විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් හත්සිය දහයකට ඊයේ (24දා) දිනය වනවිට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
නාවික හමුදා සාමාජිකයන් නවසිය එකකට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් හත්සිය අනූවක් ඊයේ දිනය වනවිට සුවය ලබා තිබේ.
සමස්ත කෝවිඩ් - 19 රෝගීන්ගෙන් එක්දහස් පන්සිය හැට දෙකක් සුවය ලබා තිබෙන අතර, කෝවිඩ් - 19 බවට සැක කරන රෝගීන් තිහක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගන්නා බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
සමස්ත රෝගීන් සැලකීමේදී විදේශ රටවල සිට පැමිණෙන කණ්ඩායම් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථාන තුළින් රෝගීන් හයසිය හැට පහක් වාර්තා වී තිබෙන අතර, දේශීය කණ්ඩායම් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථාන තුළින් රෝගීන් හැත්තෑ එකක් වාර්තා වී තිබේ.