ලාංකාව සයිබර් අපරාධකරුවන්ගේ තිප්පොලක් හා පරාදීසයක් කරගනිමින් අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර ඇති බවත් එලෙස වංචා කළ මුදල් චීනයට යවා ඇති බවත් විමර්ශන වලදී හෙළී වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය.
අන්තර්ජාලය හරහා එලෙස රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කිරීමට අදාළව චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශන්ට සහාය දීම සඳහා චීන හා සිංගප්පූරු පොලිසිවල විශේෂඥ විමර්ශන කණ්ඩායම් ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි රහස් පොලිසිය ප්‍රධාන මහේස්ත්රාත්වරයාට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ නීතී විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළැයි කියන සිද්ධියට අදාළව ආරම්භ කර ඇති විමර්ශන වලට සහය දෙන ලෙස ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් සහාය ඉල්ලා ඇති බවද රහස් පොලිසිය වැඩිදදුරටත් දැනුම් දුන්නේය.
තැන්පතු බාරගැනීම් කළ ජාවාරම්කරුවන් තිදෙනෙකු හඳුනා ගනීම සඳහා පැවැත්වු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී රුපියල් ලක්ෂ ලණන් මුදල් මෙම ජාවාරම්කරුවන්ට දුන් බව කියන පුද්ගලයින් විසින් ඔවුන් හඳුනා ගන්නා ලදී.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැ`ඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හා විදේශකයින් 34 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
බන්ධනාගාර නිලධාරීන් විසින් එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් අතර අනුරාධපුරයේ පදිංචිකරුවකු වන ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයාට අමතරව චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 දෙනෙකු සිටී.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙව් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක යූ. බී. ගල්වල මහතා විදේශක සැකකරුවන් 37 දෙනා ලෝකයේ විවිධ රටවල් හා සබඳකම් පවත්වමින් සයිබර් අපරාධ වලට මූලික වූ පුද්ගලයින් බව විමර්ශන වලදී හෙළි වුවේ යැයි කීය.
සැකකරුවන් ඩුබායි රාජ්‍යයේදී සයිබර් අපරාධයක් කිරීමට උත්සහ කිරීමේදී එරට පොලිසිය විමර්ශන ආරම්භ කිරීම හේතූවෙන් ඔවුන් මෙරටට පැනවිත් ඇතැයිද ඩුබායි රාජයේ සිට එසේ පලා ඒමේදී ඩුබායි වැසියන් රවටා ලබාගත් ඩුබායි බැංකු ගිණුම් 100ක් හා ලාංකික බැංකු ගිණුම් 46ක් හරහා මෙම මුල්‍ය වංචාව කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වු බවත් කී ගල්වල මහතා පරිගණක යන්ත්‍ර 45ක්, ජංගම දුරකථන හා වෙනත් තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් බයිනැන්ස් ගිණුම් හරහා යු එස් ඩි ටි, ක්‍රිප්ටො කරන්සි උපයෝගි කරගෙන මෙම වංචාව කර ඇතැයිද කීය.
සැකකරුවන් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කාමර 30කින් සමන්විත තෙමහල් හෝටලයක් රුපියල් ලක්ෂ 80ක මාසික කුලියට ගෙන පුද්ගලික ආරක්ෂකයින් යොදා ගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇතැයි කී ගල්වල මහතා සැකකරුවන්ගේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 800 ඉක්ම වු පසු සැකකරුවන් පීසා පාටියක් මඟින් ඒය සැමරා ඇතැයි දැනුම් දුන් ගල්වල මහතා මෙම අපරාධය හෙළි කර ගැනීමට හැකිවුයේ මෙම පීසා පාටිය සඳහා ගවේෂ බණ්ඩාර නමැති සැකකරු මුදල් ගෙවූ රිසිට්පත හරහා යැයිද දැනුම් දුන්නේය.
සැකකරුවන් මෙම අපරාධයට යොදා ගත් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ තෙමහල් හෝටලය විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වී ඇති හෙයින් එම හෝටලය සහිත ප්‍රදේශය තහනම් කලාපයක් වශයෙන් නම් කරන්නැයිඉල්ලා සිටි පොලිස් පරීක්ෂක ගල්වල මහතා සැකකරුවන් බාරයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක විදෙස් මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට භාරදීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.
සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මහනුවර මහ රෝහලේ වෛද්‍ය තවලම ගමගේ ප්‍රසන්න, ඔහුගේ පුත් දනිජු නිසල් සහ අනුරාධපුරයේ ප්‍රභාශ්වර ඉලංගසිංහ නමැත්තන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් සැකකාර වෛද්‍යවරයා මෙම සිද්ධියේ පළමු සැකකාර ගවේෂ බණ්ඩාර නමැත්තාගේ ඥාතියකු බවත් එහෙයින් ඔහු විශ්වාස කර බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දී ඇතැයිද කෙසේ වෙතත් මෙය නීති විරෝධී ක්‍රියාවක් බව නොදැන ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ වී අතැයිද කීහ.
මෙම තත්වයය තුළ තම සේවාදායකයින් ඕනෑම කොන්දේසියක් මත මුදා හරින්නැයි නීතීඥවරු ඉල්ලා සිටියහ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශන අවසන් වනතෙක් මීගමුව ඒත්තුකාල හෝටලයට එහි හිමිකරුට හෝ වෙනත් පුද්ගලයින්ට එහි ඇතුල්වීම තහනම් කරමින් හෝටලයට අයත් දේපළ තහනමට ලක් කළේය.
සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මුදල් මහ බැංකුවට බාරදීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර වෛද්‍යවරයා ඇතු`ථ තිදෙනා ඇප මත මුදාහැරීමටද නියම කළේය.
සැකකරුවන් 37 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය එදිනන අධිකරණයට දැනුම් දීමට පොලිසියට නියම කළේය.