ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපාතිකයක් ඇති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
එහි ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ පසුගිය දිනවල ශ්‍රී ලංකාව හා සාර්ථක සාකච්ඡාවාර කිහිපයක් පැවැත්වූ බවයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා ෆැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඈන් මැරී ගූල්ඩ් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අරමුදල් සැපයීම ණය තිරසරභාවය අනුව තීරණය වෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් බදු වැඩි කළ යුතු බවද ඇය පෙන්වා දෙයි. "උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතුයි" ඇය පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් පැකේජය පිළිබඳව එහි කාලසීමාව පිළිබඳව ඇය ප්‍රකාශයක් කර නොමැත.