කන්දකාඩු කොරෝනා කොවිඩ් පොකුරට අදාළව මේවන විට පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හමුව ඇති බවත් ගෘහස්ථ නිරෝධායනය කළ පිරිස 900ක් බවත් පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා කියයි.
ඊයේ දිනය වන විට පි.සි.ආර්. පරික්ෂණ 350ක් සිදුකර ඇති බවත් ලංකාපුර ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ ගමන් බිමන් (සංචරණ) සිමා කර ඇති බවත් ඔහු පැවැසීය.
“මෙසේ හමුවූ 20 දෙනා අතර 15 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටි අයයි. ඉතිරි පස් දෙනා නිවාසවල නිරෝධායනය කළ අය වන අතර පී.සි.ආර්. පරික්ෂණ වලදි හමු ව ඇති අයයි. එයින් සිව් දෙනෙකු එකම පවුලේ අයයි. අනික් තැනැත්තිය එම පවුලට යාබද නිවසේ කෙනෙක්. අද(19) දිනය වන විට නිවාසවල නිරෝධායනය කළ සංඛ්‍යාව 900කට අසන්න පිරිසක් ඉන්නවා. පි.සි.ආර්. පරික්ෂණ 350ක් කරලා තියෙනවා.
මිට අමතරව අපි පොලිසිය සහ ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින්ගේ අධික්ෂණය යටතේ ලංකාපුර ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශය තුල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් බිමන් සිමා කර තිබෙනවා.
මෙය වරදවා තෙරුම් ගන්න එපා. මේක ලෝක්ඩවුන් කිරිමක් නෙවේ. අපි ලංකාපුර වාගේම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන් නොයන ලෙසත් මුඛ ආවරණ සහ අත් සේදිම වැනි දේ සිදු කර තම තමන්ගේ ආරක්ෂාව පිළිබද සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන ලෙසයි”