මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟීන් ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 998.00 ක් දක්වා, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 205.00 ක් දක්වා, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 375.00 ක් දක්වා සහ සුදු සීනි කිලෝවක් රුපියල් 263.00 ක් දක්වා වශයෙන් භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.
අඩු කළ මිල ගණන් යටතේ අද (10) සිට මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට මිල දී ගැනීමට හැකිය.