2024 වර්ෂයේ නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන ප්‍රසාද දීමනාව එළැඹෙන 05 වැනි දිනට පෙර ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංසදය එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ලිඛිතව දැනුම්වත් කර ඇත.
ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන ප්රගතිශීලී සේවක සංගමය, සමඟි සේවක සංගමය, ජාතික සේවක සංගමය යන වෘත්තීය සමිති එක්ව ඒකාබද්ධ වෘත්තීය සමිති සංසදය ලෙස මෙම ලිපිය නිකුත් කර ඇති අතර,එම ලිපිය ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයාට,කම්කරු කොමසාරිස්ට, ලංකා පොස්පේට් සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු අදාළ අංශ වෙතට යොමු කර ඇත.
එම ලිපියෙහි සඳහන්ව ඇත්තේ මෙසේ සඳහන්ය.
“ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සේවා නියුක්තයන් වෙත සෑම වර්ෂයකම තමන්ට හිමි නමුත් ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ප්‍රසාද දීමනා ගෙවීම සිදු කරනු ලබයි. එම ප්‍රසාද දීමනාව ලබා දෙනු ලබන්නේ 1983 වර්ෂයේ සිට එකී වැටුප්,1998 වසරේ සිට 2023 වසර දක්වා මෙම ගෙවීම් මාස 02 ක වැටුප සේ සලකා ගෙවීම් සිදු කර ඇත. (මෙම ප්‍රසාද දීමනාව වසර 40 ක කාළයක් ගෙවීම සිදු කර ඇත)
නමුත් 2014 වර්ෂයේ සිට කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව පහත සඳහන් පරිදී ගෙවීම් සිදු කර ඇත.
01.1983.11.23 දිනැති 06/06/පොදු/02/02 දරන එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති 326 චක්‍රෙල්ඛය අනුව ඉතිරි වී ඇති වෛද්‍ය නිවාඩු පදනම්ව උපරිමය එක් මසක දළ වැටුපක්ද,
02.නිෂ්පාදනය පදනම් කොට ගත් දිරි දීමනා ක්‍රමය අනුව ඉතිරි වී ඇති වෛද්‍ය නිවාඩු පදනම්ව උපරිම එක් මසක දළ වැටුපක්ද ගෙවීම.
නොගත් අසනීප නිවාඩු සඳහා ගෙවීම් සිදු කිරීමේදී 2012.05.29 වැනි දින කමිටු වාර්තා වල පහත සඳහන් කරුණු 03 පදනම් කර ගෙන ගෙවීමට යෝජනා කර ඇත.
01.ගෙවීම් කිරීමට අදාළ වර්ෂයේ අනුමත නිෂ්පාදන ඉලක්කය 50% ඉක්මවීම.
02.ගෙවීම් කිරීමට අදාළ වර්ෂයේ අනුත අලෙවි ඉලක්කය 50%ඉක්මවීම.
03.ආයතනයේ සියලුම සේවා නියුක්තයින්ට හිමි සම්පූර්ණ වෛද්‍ය නිවාඩු වල එකතුවෙන් 50% ඉක්මවා ඔවුන් සිට වෛද්‍ය නිවාඩු ලබා නොතිබීම.
මේ වන විට සියලු ඉලක්ක සපුරා ඇති බැවින් ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන ප්‍රසාද දීමනා (මීට පෙර ලබා දුන් පරිදීම වැටුප් 02 ක්) සේවා නියුක්තිකයන්ට 2025.03.05 දිනට පෙර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
එසේ නැතහොත් 2025-03-05 දිනෙන් පසු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවද දැනුම් දෙමු.”