රෝහල්වලින් රෝගීන්ට නොමිලේ ලබාදෙන අක්ෂි කාච හිඟයක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
අවසාන වරට වෛද්‍ය සැපයුම් ඒකකයට අක්ෂි කාචය ලබාගෙන ඇත්තේ 2023 -24 කාලසීමාවේදී බවත්, එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
ඉන්පසුව අක්ෂි කාච ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළ ඇති නමුත් අදාළ ටෙන්ඩරයේ තාක්ෂණික විශේෂතා සම්බන්ධව (specs) උද්ගතව ඇති පරස්පර විරෝධී තත්ත්වයක් මත අදාළ ටෙන්ඩරය ලබාදීම මාස නවයකට ආසන්න කාලයක් මුළුල්ලේ ප්‍රමාදව ඇති බවද පවසා සිටියේය.
ටෙන්ඩරයක් ප්රදානය කරන විට ඒ සඳහා බලපාන විශේෂතා සම්බන්ධව අවසාන එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව ටෙන්ඩරය ප්‍රධානය කරන නමුත් ටෙන්ඩරේ ප්‍රධානය කිරීමෙන් පසුව මේ අන්දමට එම විශේෂතා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම මත මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවද සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ ඒකක අතර පවතින පරිපාලන දුර්වලතා නිසා රටේ දුප්පත් මහජනතාව දිගින් දිගටම පීඩාවට පත්වන බව ඒ මහතා පවසා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින ප්‍රායෝගික ප්‍රශ්න සම්බන්ධව වර්තමාන සෞඛ්‍ය බලධාරීන්ට අවබෝධයක් ඇති බවක් නොපෙනෙන බවද සඳහන් කළේය.
පවතින අක්ෂි කාච හිඟය නිසා රෝගීන්ට රුපියල් තිස්දහසකට අධික මුදලක් ගෙවා බාහිරින් අක්ෂි කාච මිලදී ගැනීමට සිදුව ඇති බවද සඳහන් කළේය.