රෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ප්‍රභේදය ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ පිටකොටුව තොග වෙළෙඳුන් සමඟ සිය අමාත්‍යාංශයේදී ඊයේ (12දා) සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව සීග්‍රයෙන් ඉහළ යන ලොකු ළූණු මිල පාලනයට ක්ෂණික විසඳුමක් ලෙසිනි.
ඒ අනුව නව ළූණු ප්‍රභේදය රුපියල් 375- රුපියල් 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්දියාව සහ පාකිස්ථානය විසින් ළූණු අපනයනය නවතා දැමීම හේතුවෙන් මෙරට වෙළෙඳපොල තුළ ලොකු ළූණු සැපයුම අඩු වූ බවයි.