රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී සිය පෙම්වතියගේ සහෝදරිය කුරිරු ලෙස ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවි මරණ දඬුවම නියම වූ ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ජනාධිපති සමාව දී ඇත්තේ පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටියෙන් බැහැරව බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එළි විය.
ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තාට විශේෂ ජනාධිපති සමාව දීමට නොහැකි බවට ජනාධිපති නීති ලේකම් දැනුම් දී තිබියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට ජනාධිපති සමාව දී ඇතැයි හෙළි කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පිළිගත් සම්ප්‍රදායෙන් බැහැරව ගොස් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණීය දණ්ඩනය නියම විසින් තවත් සිරකරුවන් හැත්තෑවකට සමාව පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ බරපතළ ගැටලු මතුවී ඇතැයි ද හෙළි කළේය.
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කුරිරු ලෙස ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ වරදකරුවූ මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකොට තිබූ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී මේ බව හෙළි කළේය.
ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මේ බව හෙළි කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.
කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ ඇමතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව යම් වරදකරුවෙකුට සමාව දීමට පෙර ජනාධිපතිවරයාට සමාව දීමට පෙර ඔහු එම රැඳවියා සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන්, දඬුවම් නියම කළ අධිකරණයේ විනිසුරුවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තා කැඳවීම අත්‍යවශ්‍ය යැයි කීය.
එහෙත් ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තාට සමාව ප්රදානය කිරීමට පෙර ජනාධිපතිවරයා එ කිසිදු වාර්තාවක් කැඳවා නැතැයි ද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට සම්පූර්ණයෙන්ම පටහැනි යැයිද කී ජනාධිපති නීතිඥවරයා ජූඩ් ශ්රමන්ත ජයමහ ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි රැඳවියන් 70 දෙනකුගේ මරණීය දණ්ඩනය, ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි ද ඇතැයිද පෙන්වා දුන්නේය.
මරණීය දණ්ඩනය නියම වූවන් අතුරින් මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සඳහා අඩු කිරීමටරැඳවියන් 70 දෙනෙකු තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන කරුණේ පාරදෘශ්‍යභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය .
සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අධිකරණයේ අමතමිනි මරණීය දණ්ඩනය නියමව සිට එම දඬුවම ජීවිතාන්තය දක්වා අඩු කෙරුණු රැඳවියන් අතර මිනීමැරුම් පමණක් නොව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් ද සිටිය හැකි බව පෙන්වා දුන්නේ ය.
මරණීය දණ්ඩනය නියමව සිට එම දඬුවම ජීවිතාන්තය දක්වා අඩු කෙරුණු රැඳවියන් 70 දෙනාට එල්ලවී තිබූ චෝදනා මොනවා දැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා නීතිපතිවරයාට දැනුම් දුන්නේය . වැඩිදුර පෙත්සම් විභාගය අද 12 යළි පැවැත්වේ.