මහවිරු සැමරුම පිළිබඳව සමාජ මාධ්‍යන් ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය .
සැකකරු ශෙයාර් කර ඇති වීඩියෝ පටය නිර්මාණය කළ පුද්ගලයින් හා ඒවා පළ කළ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් නොකර වීඩියෝව හුවමාරු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පණිවිඩකරුට වෙඩි තැබීම හා සමාන යැයි පෙන්වා දුන් මහේස්ත්රාත්වරයාරු පියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකාර රේණුක පෙරේරා මහතා මුදා හැරිණි.
තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානය මහවිරු සමරුවක් පවත්වා ඇති බවට අසත්‍ය තොරතුරු හා වීඩියෝ දර්ශන ෆේස්බුක් මාධ්‍ය ජලයේ පළ කරන ලදයිි කියමින් රහස් පොලිස් නිලධාරීන් අද උදෑසන රේණුක පෙරේරා මහතා ඔහුගේ නිවසේදී අද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට පත් සැකකාර රේණුක පෙරේරා මහතා පස්වරු 2.30ට පමණ මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කෙරිණි.
නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන්දී පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළහ.
ඕස්ට්‍රේලියාවේ පැවැති මහවිරු සැමරුම් උත්සවවලට අදාළ වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවත් එවැනි ආකාරයේ මහවිරු සැමරුම් උත්සව උතුරු පළාතේ පවත්වා නොමැති බවත් අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීන්මෙය ජාතීන් අතර නොසන්සුන්තාවයක් මතුවීමට හේතු වීමට හැකියාව ඇතැයි ද දැනුම් දුන්හ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා ඇතුළු නීතිඥවරු කරුණු දක්වමින්මෙවර උතුරේ මහාවිරු සැමරුම් උත්සව පැවැති බවට විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇතැයි කීය.
මහාවිරු සැමරුම් උත්සව 244ක් හා කොටි ධජය ප්‍රදර්ශනය කළ අවස්ථා 10 වාර්තා වී තිබූ බවට ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි කී නීතිඥ මනෝජකමගේ මහතා විෂය භාර අමාත්‍යවරයා පවා මහවිරු උත්සව උතුරු පළාතේ පැවති බව පිළිගෙන තිබියදී එවැනි උත්සව නොපැවැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි එම ප්‍රශ්න කළේය .
කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තව සේවා දායකයාට ඇප නියම කරන්නයි නීතිඥ මනෝ ක්‍රම ගේ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.