ශ්‍රි ලංකා රේගුවෙන් හා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදින වනවිට රුපියල් බිලියන 65.7ක හිග බදු මුදලක් අයවිමට ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති ක්‍රම හා විධිකාරක සභා තෙවන වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාවට අනුව ශ්‍රිලංකා රේගුවෙන් අයවිමට ඇති හිග බදු මුදල රුපියල් බිලියන 57.8කි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයවිමට ඇති හිග මුදල රුපියල් බිලියන 7.9කි. දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ එකතුකළ හැකි හිග බදු මුදල ලෙස රුපියල් බිලියන 188ක් ඇති අතර මෙකි මුදලින් රුපියල් බිලියන 47ක් එකතුකොට ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම රුපියල් බිලියන 57ක මුදලක් හිග මුදල් කපා හැරිමෙන් අයකරගෙන ඇත. ඒ අනුව රුපියල් බිලියන 84ක් හිග බදුලෙස අයවිමට ඇත. දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිග බදු මුදල් වලින් රුපියල් බිලියන 29ක මුදලක් රජයේ ආයතන වලින් අයවිමට ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ. දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හිග බදු අයකරගැනිම සදහා බැංකු ගිණුම් අත්හිටුවිමේ නිවේදන 900ක් යවා ඇත
චන්දන සමරවික්‍රම රවින්ද්‍ර ශ්‍රී ලාල්