ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන්රු සියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන 11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම ගුවන් යානය 11/06 දින උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ජල ආචාර ( Water Salute ) පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණි.
මෙම පළමු ගුවන් ගමන සදහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං - 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියහ .
11/06 දින සිට සෑම සතියකම අසූර් එයාර් ගුවන් සේවය රුසියාවේ ප්රධාන නගර 05 ක සිට එනම් වෙනිකොව්
සෙන්ට් පීටර්ස්බර්ග් ,ක්රොසනොස්කො, සෝච් සහ නොවිසිබිස්ක් යන නගර වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව අසූර් එයාර් ගුවන් සේවයේ ශ්රී ලංකාවේ කළමනාකරු මොරිස් ද සිල්වා මහතා පැවසීය .
එසේම මෙම අසූර් එයාර් ගුවන් යානා වලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළගා වීමට පැය 09.00 ක කාළයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්රියෙල් මස 30 දින තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .