ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිදී ගැනීම වෙනුවෙන් පළමුව වෙනත් මූලාශ්‍ර සොයා බලන නමුත් මොස්කව් වෙතින් තවත් බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඒ.පී. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයත් සමග බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම හේතුවෙන් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමද අත්හිටුවා තිබේ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ චීනයෙන් තවත් මූල්‍ය ආධාර පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමහ් බවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාව විසින් ඇතිකර ගත් දෙයක් බවත් යුක්රේනයේ යුද්ධය එය වඩාත් තීව්ර කර ඇති බවත් පැවැසීය. ශ්‍රී ලංකාවේ ආහාර හිඟය 2024 දක්වා පැවතිය හැකි බවත් ඔහු පැවසීය.
රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාතවරයා, “වෙනත් මූලාශ්‍රවලින් ගන්න පුළුවන් නම් අපි එතනින් ගන්නවා. එසේ නොමැතිනම් (අපට) නැවතත් රුසියාවට යාමට සිදුවෙනවා. ” යැයි පැවසීය.