දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු හා යුක්රේන ජාතිකයන්ට දින 14ක කාලයක් තුළදී රටින් පිටවන ලෙස දැනුම් දෙන්නැයි ආගමන විගමන පාලක විසින් සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට දින කිහිපයකට පෙරාතුව ලිඛිතව දන්නා තිබුණි.
කෙසේ වෙතත් නිසි කැබිනට් අවසරයකින් තොරව මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනපති රනල් වික්‍රමසිංහ මහතා මේ වන විට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් රුසියනු හා යුක්රේන සංචාරකයන්ට ලබාදී ඇති වීසා දිගු කිරීම අවලංගු කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.