මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු ඛාර්කිව් කලාපයේ මුදාගත් ප්‍රදේශවලදී බේරා ගත් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිකුරාදා ප්‍රකාශ කළේය.
"Kharkiv කලාපයේ, රුසියානු ආක්‍රමණයෙන් මුදාගත් ප්‍රදේශවල විමර්ශන ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතී. රුසිස්ට්වාදීන්ගේ සියලුම අපරාධ වාර්තා වෙමින් පවතින අතර ඔවුන්ගේ වරද පිළිබඳ සාක්ෂි එකතු වෙමින් පවතී. ඔවුන් අල්ලාගෙන සිටි නගරවල සිවිල් වැසියන්ට හිරිහැර කළ වධකාගාර සහ විදේශිකයන් පවා රඳවා සිටි පරිශ්‍රයන් සොයාගෙන ඇත.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියන් හත් දෙනෙක්, කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් [ගලවා ගන්නා ලදී]. මාර්තු මාසයේදී ඔවුන් රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගෙන පසුව පහළම මාලයක තබා ඇත.
“කාර්කිව් ප්‍රදේශය මුදාගැනීමෙන් පසුව තමයි මේ අය බේරා ගත්තේ. ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා,” ජනාධිපතිවරයා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.