මම අටමස්ථානාධිපති තනතුරට පත් වුණු දවසේ ඉඳලා මාධ්‍යයට තිබුණ ප්රශ්නය තමයි රුවන්වැලිසෑයට කවුද පත් වෙන්නේ කියන කාරණාව, රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරය සඳහා අටමස්ථාන කාරක සභාව රැස් වෙලා සුදුසු තීන්දුව ගත් බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි පාණන් පැවසූහ.
මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරි, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, ශාස්ත්‍රපති පණ්ඩිත ඊතල වැටුනු වැවේ ඤාණතිලක හිමි රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරය සඳහා අද(23දා) පත් කර තිබේ.
ඒ අනුව මිරිසවැටිය චෛත්යමාධිකාරි ධුරය සඳහා මහා විහාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනෙ සෝභිත හිමියන් මෙහිදී පත් කලහ.
එම අවස්ථාවට එක්වෙමින් අටමස්ථානාධිපති නාහිමියන් මෙසේ ද පැවසූහ.
"මම අටමස්ථානාධිපති තනතුරට පත් වුණු දවසේ ඉඳලා මාධ්‍යයට තිබුණ එකම ප්රශ්නය තමයි රුවන්වැලිසෑයට කවුද පත් වෙන්නේ කියන කාරණාව, ඒ ප්රශ්නය බොහෝ දෙනකු තුළ තිබුණා. නමුත් ඉතාම පරිස්සමින් ඒ කටයුතු කළ යුතු නිසා ඒ හැමෝටම මම උත්තරයක් දුන්නෙ නැහැ. ඒ කටයුත්තට මගේ සෘජු සම්බන්ධයක් නැති නිසා.
අටමස්ථාන කාරක සභාව රැස් වෙලා ඒ තීන්දුව ගත්තා.
මේ තනතුරට සුදුසුකම් තියෙන තුන් දෙදෙනෙකු හිටියා. ඒ තුන්දෙනාගේ ඉල්ලුම් පත්‍ර අරගෙන වඩාම සුදුස්සා වන මිරිසවැටිය චෛත්‍ය භාරව කටයුතු කළ ඊතල වැටුණු වැවේ ඥානතිලක හාමුදුරුවෝ තමයි රුවන්වැලිසෑය භාරකාරත්වය සහ තේවා කටයුතු සඳහා අපි නියම කළේ,
ඒ සමගම මිරිසවැටිය චෛත්‍ය සඳහා මෙතෙක් රුවන්වැලි සෑයේ මා යටතේ කටයුතු කළ සෝභිත පොඩි හාමුදුරුවන් පත් කලා.මා විශ්වාස කරනවා ඉතාමත් සුදුසු තීන්දුවක් අපට ගන්න හැකි වුණා කියලා පැවසූහ.

