රුපියල් මිලියන එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (06 ) පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම නොවැම්බර් 08 දා සිදු කිරීමට නියමිතයි.