මන්නාරම මහරෝහලේ උපාධිධාරී කාන්තාවකට අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගේ ඇතුලු සිව් දෙනකුගේ සේවය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (20) දින අත්හිටුව ඇත.
මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි මරියරාජ් සිංදුජා නමැති 27 හැවිරිදි උපාධිධාරී කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීම සඳහා මුරුංගන් රෝහලට ඇතුලත් කොට දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව එම කාන්තාව ආපසු නිවසට ගොස් ඇති අතර නිවසට ගිය ඇයට අධික ලෙස රුධිර රුධිරය වාහන වීම හේතුවෙන් යළි මුරුන්ගන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පසුව ඇයගේ තත්වය තරමක් බරපතල තත්වයේ තිබීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මන්නාරම් මහ රෝහල වෙතට මාරු කොට යවා තිබු අතර එහිදී ඇය වාට්ටුවකට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් අදාල වාට්ටුවේ කාර්යභාර වෛද්‍යවරයා හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම සිද්ධිය සාමාන්‍ය රුධිර වාහනය වීමක් ලෙස සලකා ඇති බවට මිය ගිය කාන්තාවගේ මව විසින් පෙලීසියට පවසා තිබුණි.
කෙසේ වෙතත් අදාල කාන්තාව පසුගිය ජූලි මස 28 වනදා රෝහලට ඇතුලත් කොට පැය කිහිපයකට පසුව මිය ගොස් ඇති අතර ඇයගේ මව විසින් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන් වෙතට මේ පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමායාංශය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ විසින් එම පරීක්ෂණයන් ආරම්භ කර ඇති අතර එහිදී එදින සේවයේ නිරතව සිටි මන්නාරම් රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සේවය මෙසේ අත්හිටුවීමට පියවර ගෙන ඇත.
අදාල අයගේ සේවය අත්හිටුවීමේ ලිපි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ නිලධාරී වෙත ලබා දී ඇති අතරම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇත.
එමෙන්ම අදාල මරණය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා ව වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කීපයක් විසින්ද ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.