රුපියල් මිලියන එක්ලක්ෂ තිස් දෙදහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් නොවැම්බර් 12 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2028 මැයි 01 කල්පිරෙන "බී" කාණ්ඩයට අයත් රුපියල් මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හා 2032 ඔක්තෝම්බර් 01 කල් පිරෙන "ඒ" කාණ්ඩයේ රුපියල් කාන්ඩයේ 47,5,00 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙදින නිකුත්ක රන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා නොවැම්බර් 18 ගෙවීම් සිදුකළ යුතු බවද මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන හා දිගුකාලීන ණය මෙවලමකි (සංශෝධිත). එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ.)