නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ එකසිය විසි හතරයි (124) ග්රෑම් තුන්සිය අනූ දෙකක (392) පමණ තොගයක් (තෙතබර සහිත) 2025 මාර්තු මස 28 වැනි දින උදෑසන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා අයතනයට අනුයුක්ත විශේෂ යාත්රා බලගන කණ්ඩායමක් යොදවා තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු පාර්සල් 46ක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ අසුරා තිබු කේරළ ගංජා කිලෝ එකසිය විසි හතරයි (124) ග්රෑම් තුන්සිය අනූ දෙකක (392) පමණ තොගයක් (තෙතබර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 49කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි