රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නොවැම්බර් 20 දා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 50, 000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 65, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 30, 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම නොවැම්බර් 20 දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම නොවැම්බර් 22 දා සිදු කිරීමට නියමිතය.
ජේ. ඉඳුරුවගේ