රුපියල් මිලියන එක්ලක්ෂ පහළොස් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් අද (19) පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 25,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම පෙබරවාරි 19 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි