උඩලව රක්ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගා කර තිබූ රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැළ 250,000කට අධික ප්‍රමාණයක් සහිත ගංජා හේනක් පොලීසිය සහ යුද හමුදාව එක්ව අද (17දා) වටලා තිබේ.
මෙම ගංජා වගාව හම්බේගමුව නගරයේ සිට 8km පමණ දුරකින් පොලීසිය හෝ ආරක්ෂක අංශවලට ළඟාවිය නොහැකි දුෂ්කර ප්‍රදේශයක ඉතා ආරක්ෂිතව වගාකර දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත.
දැනට පොලීසිය සමඟ යුද හමුදාව ඒකාබද්ධව සිදු කරන යුක්තියේ මෙහෙයුම සමඟ දකුණු ප්‍රදේශයේ පවතින නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් ව්‍යර්ත කිරීම උදෙසා යුද හමුදා බුද්ධි අංශ විසින් මෙම තොරතුරු මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දී ඇත.
අනතුරුව ඊයේ දිනයේදී පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත. එම ස්ථානය වෙත ළඟා වන විට එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පැන ගොස් තිබේ.
මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.