රුපියල් කෝටි 100, ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් වශයෙන් අසුරා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් තිදෙනා සමඟ රුපියල්5000 ව්‍යාජ මුදල් බන්ඩල් 128 පොලිසිය භාරයට ගෙන ඇත.
මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ නිවසක සිට අසුරන ලද ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් මෝටර් රථයකින් ප්‍රවාහනය කරන බවට විශේෂ කාර්ය බලකා මූලස්ථානයට ලද තොරතුරක් අනුව විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට හැකිවූ බව පොලිසිය කියයි
රුපියල් 5000 මුදල් නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ මුදල් බන්ඩල් එකසිය විසි අටක් කළුපාට හුරු ගමන් බෑගයක අසුරා සැකකරුවන් ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රත්තරන් තොගයක් මිලදී ගැනීම සඳහා මෙම ව්‍යාජ මුදල් මේ ආකාරයෙන් සකස් කළ බව පැවසූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 ,36 හා 42 වයස්වල පසුවන ජාඇල අංගොඩ සහ මුල්ලේරියාව පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර,අධ්‍යක්ෂක බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්නපිටිය මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන්
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_98eeda1894.jpg)