කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අයට ලබා දෙන රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම තීරණයට එළඹී බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඒ අනුව සංචාරක ක්ෂේත්රයේ නිරත මේ වන විට රට තුල පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී , ග්‍රාම නිළධාරීගෙන් සමන්විත කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කල හැකි අතර මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් තෝරාගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මගින් බවද සඳහන් වේ.
අදාළ කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය විසින් පැහැදිලිව දැනුම් දී ඇති බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධවේදීන් වැනි ඇඳිරි නීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියළු පාර්ශවවලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.