ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර මාන්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සැකකරුට එරෙහිව ඇති චෝදනා වේ.
දණ්ඩ නීති සංග්‍රහ පනත වගන්ති 386,389,400, 457 යටතේ සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 (1)(2) වරදවල් බව පොලිසිය සඳහන් කරයි.
අඩංගුවට ගත් සැකකාර මාන්ඩලික සැරයන්වරයා 39 හැවිරිදි කිරිවත්තුඩුව පිටිපන දකුණු පදිංචිකරුවෙකි.
සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනා අංශ එක මගින් විමර්ශන සිදු කෙරේ.