රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා " හෂීෂ් '' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් 03/09 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ .
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට 03/09 දින රාත්‍රී 08.35 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා , මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .




