නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික මුදලක් යොදවා සුඛෝපභොගී යාන වාහන රන්ආභරණ ඇතුළු දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්, ඔහුගේ පුතාට සහ බිරිඳට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ වෙන වෙනම නඩු තුනක් පැවරීය.
නීති විරෝධී අන්දමින් උපයාගත් මුදල් මෙරට ආයෝජනය කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදි කළ බවට චෝදනා 20ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා නගමින් වෙන වෙනම නඩු පවරා ඇත්තේ සිරිනාථ පතිරනලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්, සිරිනාථ පතිරනලාගේ තරිඳු මධුසංඛ (පුතා) සහ ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණි (බිරිඳ) එරෙහිවය.
2019 ජනවාරි පළමුවැනිදාත් 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලය තුළදී පොදු අරමුණක් සහිතව කටයුතු කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී ක්‍රියාවන් වලින් උපයාගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර මුදල් විශූද්ධීකරන පනත යටතේ වැරදි කිරීම, එම වැරදි කිරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විතත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇත.
නීති විරෝධී ආකාරයෙන් උපයාගත් රුපියල් 132429650/-ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම, අදාළ කාලය තුළ උපයා ගත් මුදල් වලින් රේන්ජ් රෝවර් වර්ගයේ වාහන දෙකක්ද, තවත් සුඛෝපභොගී වාහන තුනක් සහ රුපියල් 20679650/-ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා වැඩිදදුරටත් චෝදනා නඟා ඇත.