විදේශීය රටකින් ගුවන්තටුපල හරහා මෙරටට රැගෙන එනු ලැබූ රුපියල් කෝටි 11 කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 610 ක් සමග වයස (24) ක මැලේසියානු ජාතික කාන්තාවක් බෙල්ලන්විල ප්‍රදේශය හෝටලයක් අසලදී ඉකුත් (29) වනදින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
මෙදින ගුවන්තොටුපල හරහා කොකුන් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් පැමිණෙන බවට ලැබුණ රහසිගත තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ,අධ්යක්ෂ වරයා ඇතුල නිලධාරීන් කණ්ඩයමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූ බවත් අංම ඒකකය මෙතෙක් සිදුකල වැඩිම වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය වැටලීම බවත් එම ඒකකය කියා සිටී.
ගුවන් තොටුපල භූමියේ රැදී සිටි මෙම පිරිස එම.කාන්තාව කුලී රථයක් මගින් පිටත්වූ අවස්ථාවේ සිට පසු පසින් ලුහු බැඳ ඇති අතර වාහනය බෙල්ලන්විල විහාර මාවතට හරවා නැවත ශ්‍රී සෝමරතන මාවත දෙසට ගොස් මැද කොටසේ පිහිටි හෝටලයක රථගාලේ නවතා තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය හෝටලයට රැගෙන යාමට සූදානම්ව හෝටලයේ නවාතැන් ගැනීමට සූදානම් වුවත් අතේ මුදලක් නොමැති කමින් යාලුවකු මාර්ගයෙන් මුදල් රැගෙන එනතුරු රථගාලේ රැදී සිට ඇත.
ඒ අතර එකවර එම කාන්තාව හා ගමන්මලු තොගය පොලිස් භාරයට ගෙන පරීක්ෂවට ලක්කරනු ලැබ එහි තිබී මෙම මත්ද්‍රව්‍ය ඇසුරු ටින් හයක් සහ වෙනම තිබූ කරල් තොගයක්ද පොලිස් භාරයට ගනු ලැබ ඇති අතර ඒතුල කොකුන් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් හයසිය දහයක් පොලිස් භාරයට ගෙන ඇත .
මේ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය කාගේ අනුදෑනුමක් මත ගුවන් තොටට ආවේ කෙසේද එයින් පිටවූයේද කෙසේද කවුරුන් සදහා බෙල්ලන්විලට ගෙන ආවේද යන්නත් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරගන යනු ලබයි.
දෙහිවල එච්.එම්.ධර්මපාල