ජනාධිපති ප්රදානය යන මාතෘකාව යටතේ රුපියල් 50000ක දීමනාවක් සෑම නිවසකට ලබා දෙන බවට ස ඳහන් කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එසේම වැඩිදුර තොරතු ලබා ගන්නා ලෙස දන්වමින් එම ප්‍රවෘත්තිය සමග ව්‍යාජ සම්බන්ධතාවක්ද (link) සඳහන් කර ඇති බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රජය මෙවැනි වැඩසටහනක් සම්බන්ධ තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මහජනරතාවට හා ජනමාධ්‍ය වෙත එම තීරණය දැනුම් දීම රජයේ ක්‍රමවේදය බවද එම නිවේදනයේ දැක්වෙයි.
මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පළකිරීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පදනමකින් තොර අසත්‍ය ප්රවෘත්ති පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.