වයඹ පළාත් සභාවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේන් සේවය කරන තක්සේරු නිලධාරිනියක රුපියල් 50000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන්සභාව කියයි.
කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පදිංචි පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාල ඔප්පුව සඳහා රජයට අයවිය යුතු මුද්දර ගාස්තුව අඩුකර සකස් කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් එකී මුදල ඉල්ලා එය ඇය සේවය කරන පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ නිලමේසය අසලදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාරිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි