රුපියල් 350.000/= ක මුදලක් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරීන්ද චානක අයිලපෙරුම මහතා අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේදීය. රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ දෙක සහ ලක්ෂය, පනස් දහස බැගින් ලබා සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වෙනි දින දක්වා බන්ධනාගාර ගත කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි