රිෂාඩ් බද්යුදින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසය මෙවර ජනාධිපතිවරණයේදි සහාය පළ කරන්නේ කාටද යන්න 14 දා ප්රකාශයට පත් කරන බව එම කොංග්රසය ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
පක්ෂ නායක රිෂාඩ් බද්යුදින් මහතාගේ නායකත්වයෙන් 14දා පස්වරුවේ කොළඹ පක්ෂ මූලස්ථානයට රැස්වන උත්තරීතර මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම තීරණය දැනුම් දෙන බව ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.
දිස්ත්රික් මට්ටමේ මේ දිනවල පැවැත්වෙන පක්ෂ දිසා සමුළුවලදී පාක්ෂිකයන්ගේ මතයටද කන් දෙමින් සිටින බවද කීහ.