සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්, තමන් එම තීරණයට එකඟ නැතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාට දැනුම් දුන් බවත් මෙම තීරණය අලුත් දෙයක් නොවන බවත් තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කිරීමට පෙර මෙම දැනුම් දීම සිදුකර තිබූ බවත් ජාතික සංවිධායකවරයා කීවේය.
“මගේ ආධාරකරුවන් සියයට අනූපහක් මාස හයක් තිස්සේ කියනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඕන කියලා. එහෙම තියෙද්දි මම කොහොමද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ. අනික් එක අපි බලන්න ඕන ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබුණු වෙලාවේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් යුගය නැති කරලා රට ගොඩ ගත්තේ කවුද කියලා. ඒ අර්බුදයට අපි ආයි යනවද කියන එක අපි බලන්න ඕන. සජිත්ට සහාය පළ කරලා සජිත් බලයට ආවොත් නැවත වෙන්නේ රට ආර්ථික වශයෙන් අරාජික වෙන එක විතරයි” යැයි ජාතික සංවිධායකවරයා තවදුරටත් පැවසීය.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව