සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල දිවුරුම් දුන්හ.
ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුහු යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.
01 රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
02 රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
03 අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
04 අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
05 බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය