රට තුළ සීඝ්රයෙන් වර්ධනය වන රිළා ගහනය පාලනය කිරීමේ අරමුණින් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලද වන්ද්‍යාකරණ කිරීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය (12) වන දින ආරම්භ වූ අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව මාතලේ දිසාපති තේජානී තිලකරත්න මහත්මිය පවසයි.
පසුගිය දින කීපය තුළ මාතලේ හරස්ගම හා ඉහළ හරස්ගම ප්‍රදේශයන්හි සිදු කළ රිලවුන් අල්ලා ගැනීමේ මෙහෙයුමේදී වන්ද්‍යාකරණ කටයුතු සඳහා යොමු කිරීම සඳහා රිලවුන් 40 දෙනකු පමණ අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් හා වන ජීවී නිලධාරීන් සමත්ව තිබේ.
මෙම නියමු ව්‍යාපෘතිට රජය රුපියල් මිලියන 4.5 ක මුදලක් වැය කරනු ලබන අතර එහි සාර්ථකත්වය මත ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය .
මාතලේ දිස්ත්‍රික්කය තුළින් උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් (ගැහැණු /පිරිමි) ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් එහිදී පශු වෛද්‍යවරුන් විසින් වන්ද්‍යාකරණ සැත්කම් සිදු කිරීමෙන්අනතුරුව නැවත එම සතුන් අල්ලාගත් ප්‍රදේශයට මුදා හැරීමට නියමිත අතර මේ පිළිබඳ පරිසරවේදින් සමඟ සාකච්ඡා කොට ගණ කැලෑ වෙත සතුන් මුදා හැරීම පිළිබඳවද සාකච්ඡා කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සභාපති බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගයන් හා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර තිබේ.ෙ
මාතලේ අර් වි අබයසිරි