කෝවිඩ්-19 තත්ත්වය යටතේ රියදුරු බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබෙන සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව 2020 මාර්තු 16 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර‘යේ වලංගු කාලය අවසන් වන සෑම බලපත්‍රයකම වලංගු කාලය අවසන් වන දින සිට වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර තිබේ.
එසේම ජූලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍රයකම වලංගු කාලය රියදුරු බලපත්‍ර‘යේ වලංගු කාලය අවසන් වන දින සිට මාස තුනකින් දීර්ඝ කර ඇත.
කෝවිඩ්-19 තත්ත්වය නිසා මාර්තු 16 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය මැයි 30 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබිණි. 2168/8 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙය සිදුකර තිබේ.
ඉන්පසුව අංක 2176/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අප්‍රේල් 16 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය ජූලි 31 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය.
එසේම 2080/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මාස හයක් හා මාස තුනක් වශයෙන් නව දීර්ඝ කිරීම සිදුකර තිබේ.