නැගෙනහිර බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (26) මධ්‍යම රාත්‍රීය වන විටද සුළු කුණාටුවක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම රිමාල් 'සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. ධීවර අමාත්‍යාංශ අධ්යක්ෂ සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ සියලු යාත්‍රාවලට අවදානම් කලාපයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවයි. තව දුරටත් යම් ධීවර යාත්‍රාවක් එම කලාපයේ තිබේනම් ආරක්ෂිත ප්‍රදේශවලට හෝ ගොඩබිමට පැමිණෙන මෙන් ඔහු ඉල්ලා සිටියි.
පවතින මෙම සුළි කුණාටුව ක් අද (26) මධ්‍යම රාත්‍රිය වන විට උතුරු දෙසට ගමන් කර බංගලාදේශය සහ ඊට යාබද බටහිර බෙංගාල වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම සුළං තත්ත්වය හෙට,(27) අනිද්දා (28) දිනවලද තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කමල් ශ්‍රි ලියනගේ