කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව කොරෝනා ආසාදිත රෝගීන් 40ක් ප්‍රතිකාර ලබන බවට පළවන වාර්තා අසත්‍ය බවත් මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එම රෝහලේ කිසිම කොරෝනා ආසාදිතයෙක් නොමැති බවත් ළමා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සුපුරුදු පරිදි ඕනෑම අවස්ථාවක රෝහලට පැමිණිය හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිරයා සඳහන් කළේය.