මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, දැනට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ සිර කුටියක රදවා සිටින, "රැවුල් කුමාර" නැමැත්තාගේ මත් කුඩු අනුරාධපුර දිස්ත්‍රික්කය තුල තොග වශයෙන් බෙදා හරිමින් සිටි කාන්තාවක්, රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හුරිගස්වැව පොලිස් වසමේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.
පසුගිය වසරක පමණ කාලය තුල මෙම රැවුල් කුමාර නැමැති සැකකරුගේ මත්කුඩු අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෙදා හරිමින් සිටි කාන්තාවන් ඇතුළුව පුද්ගලයන් 16 දෙනෙකු රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බවද අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශයේ බුද්ධි ඒකකය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන රම සැකකරුගෙන් සිදු කල වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී "හුරිගස්වැව අක්කා" නමින් ප්‍රචලිත මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාර කාන්තාවගේ නිවසේ තිබ බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරෝයින් ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 250 ක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් , හෙරොයින් මත්කුඩු වල බර කිරණ ඉලෙක්ට්‍රොනික් තරාදියක් , කතුරු කිහිපයක් සොයා ගත් බවද පොලිසිය කියයි.
රැවුල් කුමාර නැමැත්තාගෙන් ලබා ගන්නා හෙරොයින් මත්කුඩු සැකකාර කාන්තාව විසින් දැනටත් රාජකාරියේ නිරතව සිටින නාවික හමුදා සෙබළෙකු සමග එක්ව අනුරාධපුර ගල්නෑව, තඹුත්තේගම, මීගලෑව, රාජාංගනය, හා එප්පාවල, කැකිරාව යන ප්‍රදේශවලට තොග හා සිල්ලරට අලෙවි කරන බව සැකකාරියගෙන් සිදුකළ වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (7දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.