රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද (26දා) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 05ක් ගත වී තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
එහෙත් අදාළ ක්‍රියාමාර්ගයට බලධාරීන් මෙතෙක් නිසි ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර නොමැති බවත් මේ නිසා රැකියා විරහිත උපාධිධාරීන් කොළඹට රැස් වී සත්‍යග්‍රහයට සමගාමීව විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
පසුගිය22වන දිනත් මේ ආකාරයට විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වූ බවත් ඉන්පසුව සත්යග්රහ ව්‍යාපාරය ආරම්භ කළ බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවත් මේ මස 30වන දින දක්වා සත්‍යග්‍රහය පැය 24 පුරා අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.