ඇල්ල රාවණා ඇල්ල අභය භූමියේ ඊයේ රාත්‍රී (09) හටගත් විශාල ගින්නක් වන ඡීවී අංශවල මූලිකත්වයෙන් සිදු කළ මෙහෙයුමකින් අද (10) අලුයම වන විට නිවා දැමීමට හැකි වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ඇල්ල රාවණා ඇල්ල අභය භූමියේ ගෝවුස්ස ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන තිබුණි. කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙලෙසින් පැතිර යන්නට ඇතැයි වන ජීවී නිලධාරීහු පැවසුහ.
වියලි කාලගුණික තත්ත්වය සහ සුළං සමග වේගයෙන් පැතිර ගිය ගින්න නිවා දැමීමට වනජීවී නිලධාරීන් පොලීසිය සහ ආපදා සහන සේවා නිලධාරීහු ප්‍රදේශවාසීන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දැරූහ.
ඉහළ පාරිසරික වටිනාකමක් ඇති ප්‍රදේශයක මෙම ගින්න පැතිරී ගොස් තිබුණි. ඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.