හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව ඒ මහතා ගේ සමීපතම දේශපාලන ප්‍රකාශකයෙක් පැවසීය .
ඒ පිළිබඳ ජනාධිපති වරයාගේ පාර්ශවයෙන් විශේෂ නියෝජිතයකු සමග හිටපු අමාත්‍ය වරයාගේ සමීපතමයන්ද ඊයේ (12) රාත්‍රි යේ පානදුර ප්‍රදේශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද හෙතෙම පැවසීය.
හිටපු අමාත්‍ය වරයා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්ථාවේ.
එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කල හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගි වීමට සූදානම්ව සිටින බවද සදහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රී වරුන් දෙදෙනාගෙන් කෙනෙකි.
හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන තීන්දුව කිසිසේත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව සදහන් කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් කඩිමුඩියේම මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි'
පානදුර සුමිත් පොතුපිටිය