අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පහත සඳහන් රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 28 වන දින දක්වා කල් දමා තිබෙන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. බී. එම් සුෆ්යාන් මහතා පවසයි.
ඒ අනුව රාජාංගනය ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහසෙන් මහා විද්‍යාලය , නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය , පශු වෛද්‍ය කාර්යාලය , රාජාංගනය පොලීසිය, රාජාංගනය රෝහල, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , වාරිමාර්ග කාර්යාලය , ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන වල 13,14,15,16 හා 17 යන දිනයන් හි දී පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 28 දක්වා කල් දමා ඇති බව එම කාර්යාලයන් හි සහතික කිරීමේ නිලධාරීන් වෙත අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් වරයා විසින් දැනුම් ඇත.
මේ සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සඳහන්කරයි.
රඹෑව මනුල වික්‍රම