අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 14ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2468ක් දක්වා වර්ධනය විය.
නවතම ආසාදිතයන් වන්නේ රාජාංගනයෙන් හමුවූ ආසාදිතයන් 4ක්ය. ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන් බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව,
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි ලෙස රෝගීන් වාර්තා වී තිබේ.