රාජාංගණයේ කොවිඩ් ආසාදිත කන්දකාඩු උපදේශකවරයා එක්වූ දානමය ගෙදරට අදාළව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව අවුරුදු 12ක දරුවෙකු කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පී.සී.ආර්. පරීක්ෂණ 139කින් මෙම ආසාදිතයා හඳුනාගෙන තිබේ.
“මේ වන විට විවිධ ප්‍ර දේශවල පී..සී.ආර්, පරීක්ෂණ කරනවා. කොළඹ නාගරික සභා බල ප්‍ර දේශය තුළ කරනු ලැබූ පී.සී.ආර්, පරීක්ෂණ එකයසිය හතලිස් ගණනකින් කිසිම ආසාදිතයෙක් වාර්තා වුණේ නෑ
මේ කන්දකාඩු පොකුර පාලනය වූ තත්ත්වයකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙනවා. අපි බලාපොරෝත්තුවෙනවා ඉදිරියෙදී මෙය තවදුරටත් පලනය කළ තත්ත්වයකට ගෙන ඒමට. ”