ශ්‍රී ලංකා නැව් සංස්ථාව සඳහා 2023 වර්ෂය වන විට මෙරට රාජ්‍ය ආයතන 22ක් සහ අර්ධ රාජ්‍ය ආයතන 48කින් රුපියල් කෝටි 152කට අධික මුදලක් (1,525,359,729) ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කොට තිබූ නවතම විගණන වාර්තාවක සඳහන්වේ.
මින් වසර 02කට වැඩි කාලයක සිට නැව් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් හැටඑක්කෝටි අසූලක්ෂ හතළිස් පන්දහස් හාරසිය පනස්තුනක් (618,045, 453) බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
වසර 03කට වඩා පැරණි විදේශීය හා අනිකුත් වෙළඳ ණයගැතියන්ගෙන් 2023 ජනවාරි 01වනදා සිට මාර්තු මස 31වන දින වන විට අය විය යුතු මුදල රුපියල් දහසය කෝටි තිස්හත්ලක්ෂ පනස් දෙදහස් හාරසිය විස්සක් (163,752,420) බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකා නැව් සංස්ථාව 2022,2023 වර්ෂ 02 සඳහා රුපියල් එකසිය අසූ පන්කෝටි හැත්තෑ එක්ලක්ෂ විසිනවදහස් හත්සිය හැටහයක (1,857,129,766) වාර්තාගත මූල්‍ය අලාභයක් ලබා ගෙන ඇති බැව් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙරට මහජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර්වලින් ණය මුදලක් ලබා ගත් 2021 වර්ෂයේ ජනවාරි මාසයේ සිට සිදු වූ විනිමය අනුපාතය වූ අසාමාන්‍ය වෙනස් වීම් හේතුවෙන් මෙකී මූල්‍ය අලාභය සිදු වී ඇති බවද නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් වේ.
චන්දන සමරවික්‍රම