කොවිඩ් වසංගත තත්ත්වය යටතේ රාජ්‍ය සේවය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.
කිරිදෙන මව්වරුන්, ගැබිනියන් හා රෝගාබාධවලින් පෙලෙන අය සේවයට නොකැඳවිය යුතු වන අතර අත්‍යාවශ්‍ය අවස්ථාවලදි සේවයට කැදවයි නම් ඒ සඳහා විශේෂ පහසුකම් සැපයිය යුතු වෙයි. එසේම පැමිණීමේ හා පිටවීමේ ලේඛනයක් පමණක් පවත්වාගෙන යාම ප්‍රමාණවත් වෙයි.