මෙතෙක් අඩු ආදායම්ලාභීන්ට පමණක් ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යාමේ සහ ණය පහසුකම් සැපයීමේ පහසුකම් සැලසූ සමෘද්ධි ප්රජා මූලික බැංකු මගින් ප්රථම වරට රාජ්ය සේවකයන් සඳහා ණය ලබා දීමට සමෘද්ධි ලක්සර ණය යෝජනා ක්රමය නමින් ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
විශ්රාම වැටුප් හිමිකම සහිත රාජ්ය සේවයේ ස්ථිර පත්වීමක් ලබා දැනට සක්රීය සේවයේ යෙදී සිටින වයස අවුරුදු 60 ට අඩු හා විශ්රාම යාමට තව අවුරුදු හතරකට වැඩි කාලයක් සහිත මෙම යෝජනා ක්රමය යටතේ තම ප්රදේශයේ සමෘද්ධි ප්රජා මූලික බැංකු මගින් මෙම ණය යෝජනා ක්රමය යටතේ
දේපල මිලදී ගැනීම ඇතුළු කටයුතු සඳහා රුපියල් ලක්ෂ දෙකේ සිට උපරිම ලක්ෂ 10 දක්වා ණය ලබාගත හැකිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.