රාජ්‍ය සේවකයන්ට මේ වන විට ලබාදෙන ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි සිය රුපියල් 10000කින් වැඩි කරන බවත් එම වැඩි කරන මුදල ගෙවීම් ආරම්භ කරන්නේ ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"රජයේ සේවකයන්ට සහනයක් ලබා දීමට යෝජනා කරනවා. රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් වෙනවා. සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5කටත් වැඩියි. අපි ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රුපියල් 10000කින් වැඩි කරනවා. එකතු කරන්න වෙන්නේ අප්‍රේල් මස සිටයි. ජනවාරි සිය අප්‍රේල් දක්වා හිඟ මුදල ඔක්තෝබර් සිට කොටස් වශයෙන් වශයෙන් ගෙවනවා. මේ අනුව ජීවන වියදම් දීමනාව රුපියල් 7800 සිට රුපියල් 17800ක් දක්වා වැඩිවීමට නියමිතයs."